සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ණය බරින් පිරීගිය ආණ්ඩුවක් භාරගත්තත් යහපාලන ආණ්ඩුව නිසිපරිදි රටෙහි පාලනය ගෙනගියා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන

Podu Jana Peramunaරටේ ජනතාව වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්කරගන්නා ලද්දේ අපගේ ආණ්ඩුව විසින් ඉන්ධන මිල, ගෑස් මිල ආදිය පාලනය කරමින් නිසිලෙස රාජ්‍ය පාලනය ගෙනයන අතරේදී බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. වජිර අබේගුණවර්ධන මහතා මෙම අදහස් පළකළේ අද (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි මාධ්‍ය වෙත අදහස් පළකළේය.

2015 වසරේදී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව භාරගත්තේ ණය බරින් පිරීගිය ආණ්ඩුවක්. නමුත් 45 ක පමණ සුළුතරයක් මඟින් නිසිපරිදි රටෙහි පාලනය ගෙනයන්න ආණ්ඩුවට හැකිවුනා. ඒ අනුව අපගේ ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල තුළදී ජනාධිපතිවරයාගේ බලතල අවම කරමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවා. වසර හතර හමාරක පාලන කාලයකින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාට පාලන බලය හිමිවුනා. බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට කිසිදු ක්‍රියාමාර්ගයක් නිසිපරිදි දියත්කිරීමට නොහැකි වෙලා තිබෙන බව මේ වනවිට පෙනීයනවා.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශයත් කඩාවැටෙමින් තිබෙනවා. පැවති අපගේ ආණ්ඩු සමයේදී විවිධ වෘත්තිකයින් රටපුරා විවිධ විරෝධතා දියත් කළත් රුපියල් 10000/- කින් රජයේ සේවකයින්ගේ වැටුප වැඩිකිරීමට එවක ආණ්ඩුව කටයුතු කළා. විවිධ ශ්‍රෙණීන් වලට විවිධ ආකාරයෙන් වැටුප් වැඩිකළා අපි. මේ වනවිට ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම්, අතිකාල ඇතුළු දීමනා කප්පාදු කරලා. 2017 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය ඊට වසර 02 කට පෙර, එනම් 2015 දී පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළේ සිය අඩුපාඩු සඟවා ජනතාව නොමඟ යැවීමටයි. ඒ අනුව ජනතාව එම බොරුව හඳුනාගෙන අප වෙත බලය ලබාදුන්නත් අපගේ ආණ්ඩුව තුළ පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් ඊට පසුව පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පරාජයට පත්වීමට සිදුවුනා. පැවති අපගේ ආණ්ඩුවට තවත් මාස 03 ක කාලයක් ඉතිරිවී තිබූ නමුත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසක් සිය අස්වීමේ ලිපි ලබාදුන්නා. එමඟින් රනිල් වික්‍රමසිංහ මහතාව රිදවීමට හැකිවනු ඇතැයි එම පිරිස සිතුවත් එම තීරණය වැරදි සහගත බව ඇතැම් විට තේරුම් ගෙන ඇති ඒ පිරිස. ඉදිරි මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට වඩා මෙම මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස්වනවා. පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය ද ඒ අනුව වෙනස්වේවි.

පක්ෂයේ අභ්‍යන්තර ගැටළු විසඳාගනිමින් ජනතාවාදීව කටයුතු කළයුතුව තිබෙනවා. ඒකාධිපති පාලන ක්‍රමයකින් රටේ පාලනය සිදුකළ හැකියැයි වත්මන් ආණ්ඩුව සිතන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වීමට අවශ්‍ය නිසා එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය කරවන්නැයි ජනතාවට අවධාරණය කරනවා. අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට පැමිණෙන බවටත් තමන් එක්සත් ජාතික පක්ෂය හැරයන බවට දෙරණ මාධ්‍ය ආයතනය විසින් ප්‍රවෘතියක් වාර්තා කර ඇති නමුත් නිවැරදි තීරණ අනුව මැතිවරණ වලින් සිය ආසනය ජයගත් තමන් කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂය හැරයන්නේ නෑ. අනුර කුමාර දිසානායක මහතා ද එක්සත් ජාතික පක්ෂයට එන්නේ නෑ කිසිවිටෙක.

ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් අද සවස සාකච්ඡාවක් පැවැත්වෙනවා. අලියා ලකුණට පක්ෂයේ බහුතරයක කැමැත්ත හිමිව තිබෙන නිසා ඉදිරි මැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත් වනවා. රටේ ජනතාවගෙන් බහුතරයක්ම දන්නේ අලියා ලකුණ. ඒ නිසා ලකුණ පිළිබඳ ගැටළු ඇතොත් සාකච්ඡා මඟින් විසඳාගැනීමට කටයුතු කරනවා. පාස්තු ප්‍රහාරය සිදුවන සමයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර යම් විරසකයක් පැවතියා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග දියත්කිරීමට නොහැකිවූයේ ඒ නිසයි. එම තත්ත්වයට දේශපාලන ස්වරූපයක් ලබාදීමට ඇතැම් පිරිස් උත්සහ කළත් එය එවැනි තත්ත්වයක් නොවන බව අවධාරණය කළයුතුයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුනත් පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් නිසි සඳහනක් නෑ. එසේ පොලිස්පතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයාට බලයක් පැවතීම හෝ නොපැවතීම යහපත් බව පැවසිය හැකියි. පොලිස් කොමිෂන් සභාවේ වගන්ති තුළ පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳ ඇතැම්විට සඳහන්ව තිබිය හැකියි. ඒ අනුව අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට