spot_img
spot_img
Friday, April 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ වකුගඩු රෝගී අංශයට බාලගිරි දෝෂයද?

Must read

  IMG-20190920-WA0029IMG-20190920-WA0030(3.10pm )මීගමුව  රෝහලට  අත්‍යවශ්‍යව  පවතින  වකුගඩු  රෝගීන්ට  ප්‍රතිකාර  කිරීමේ  අංශය  ක්‍රියාත්මක  කිරීමට  වසර  තුනක්  තිස්සේ  උත්සාහයක්  දරන  නමුත්  තවමත්  එය  ඉටුකර ගැනීමට  හැකිවී  නැත.  මේ වනවිට  අවශ්‍ය  සියළු  දෑ  සම්පූර්ණව  ඇත.  අවශ්‍යව  ඇත්තේ  අතට  ලැබුනු  දේ  කටට දමා ගැනීම  පමණි.  කටට  දමා  නොගන්නේ  ඇයිද  යන  ප්‍රශ්ණය  මතුවී ඇත.  අවශ්‍ය  වෛද්‍යවරු  ඇත,  සාත්තුසේවිකාවන්  ඇත,  ස්ථානයද  සූදානම්කර  ඇත. නමුත්  ක්‍රියාත්මක  වන්නේ නැත.

වකුගඩු  රෝගීන්ට  ප්‍රතිකාර  කිරීමේදී  ලේ පිරිසිදු  කිරීමේ  ක්‍රියාවලියට  පුද්ගලික  රෝහලකදී  එක්  වරකට   රු.  8000/  ක් වැනි  මුදලක්  වැයවේ.  කරන  වාර ගනන  අනුව  මෙම  මුදල  වැඩිවන  හෙයින්  දුප්පත්  මිනිහෙකුට  මරණය  තෝරා  ගන්නවා  හැරෙන්නට මේ  සඳහා   වෙන  කිසිවක්  තිබේද?  මීගමුව  රෝහලේ  මේ සඳහා  අවශ්‍ය කරන යන්ත්‍ර  6ක්  ඇත.  ඒ  අනුව  දිනකට  18ක්  හෝ  20 ක්  කිරීමේ  හැකියාව  ඇත.  එමගින්  මහජනතාවට  විශාල  සේවයක්  කළ  හැකිව  තකිබියදී  මෙසේ  කල්මැරීම  සුභදායී  නොවන බව  කිවයුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article