(විනීතා එම් ගමගේ)
ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත් කෙරෙන නියෝජිතයින් තිදෙනා විනිවිද භාවයකින් යුතුව පත් කරන ක‍්‍රමයක් අනුගමනය කරන්නැයි මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජිකයෝ කථානායක කරු ජයසූරිය මහතා හමුවී ඉල්ලීමක් කර ඇත.
ව්‍යවස්ථා සභාවේ නිල කාලය ඉකුත් සිකුරාදායින් (21) අවසන් වූ අතර නව නිලධාරි මණ්ඩලය පත් කිරීමට පෙර මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයෝ මෙසේ කථානායකවරයා හමුවී තිබේ.
ඉකුත් සිකුරාදා (21) පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා හමුවී මෙම ඉල්ලීම කළ බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට අද (24) පැවැසීය.
මේ සම්බන්ධව අගමැතිවරයා හා විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කර යම් පියවරක් ගන්නා බවට කථානායකවරයා පොරොන්දු වූ බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
කථානායකවරයා සභාපතිත්වය හොබවන ව්‍යවස්ථා සභාවට අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්වන අතර ඔවුන් විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දෙදෙනෙක් හා සිවිල් සමාජයේ පුද්ගලයින් තිදෙනෙක් ද ජනාධිපතිවරයා පත් කරන නියෝජිතයෙක් ද අගමැති හා විපක්ෂනායක නියෝජනය කරන පක්ෂ දෙක හැර වෙනත් පක්ෂවලින් එක් නියෝජිතයෙක් ද වශයෙන් නියෝජිතයෝ දස දෙනෙක් ව්‍යවස්ථා සභාවට පත්වෙති.
කතානායකවරයා සමඟ සාකච්ඡාවට පැෆරල්, රයිට් ටු ලයිෆ්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, විද්වත් වෘත්තිකයන්ගේ සංගමය, නීථිය හා සමාජය භාරය, සර්වෝදය, සණස ඇතුළු මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජික සංවිධාන රැසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාර්තු 12 ව්‍යාපාරය කථානායක හමුවෙයි
Raveendra Monday, 24 September 2018 03:19 PM
මොන පිස්සුද? සූත්තර පුංචා කිව්ව ගමන් මෙයා වඩදිය, බාදිය ඔක්කොම පිටකරගෙන.... එහෙමයි සර් මම කරන්නම් සර් කියන විදියටම කියයි. එතකොට ඔහෙලගේ සකච්ඡාත් කොහෙද කියලවත් මතක නැහැ. මොකද වඩදිය බාදියෙන් හොඳටම ස්නානය කරලනේ ඉන්නේ...