IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලංකාවෙන් සුබපැතුම්

 මාලදිවයිනේ  ජනාධිපතිවරණයෙන් ජයගත් එරට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලිට ශ්‍රී ලංකාව ප්‍රසාදය පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මාලදිවයිනේ ජනාධිපතිවරණය ඉරරිදා (23) පැවැති අතර ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමින් ජය ලැබීමට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා වූ ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි සමත්විය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

"ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා ජයග්‍රහණය අත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.

නිදහස්, සාධාරණ හා සාමකාමී, සාර්ථක ජනපතිවරණ ක්‍රියාදාමයක් පැවැත්වීම පිළිබඳව මාලදිවයින් රජයට සහ ජනතාවට අපි අපගේ ප්‍රශංසාව පුද කරමු.

මැතිවරණ කොමිසම තවමත් අවසන් ප්‍රතිඵල නිකුත් කොට නොමැති වූවද, සෝලි මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපි ඔහුට සුබ පතන අතර, මාලදිවයින සහ  ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා ඔහු සහ මාලදිවයිනේ ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට උදක්ම අපේක්ෂා කරමු".

 

055



අදහස් (1)

මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලංකාවෙන් සුබපැතුම්

balapurothuwa Monday, 24 September 2018 11:20 AM

ලංකාවේ මේ වෙනස ඇති වෙන්නේ කවදද?

:       0       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 307 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2769 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 595 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1231 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 160 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 99 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site