සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංගප්පූරු වෙළද ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවූ බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ආණ්ඩුව ජනතාව නොමග යවමින් සිටිනවා – එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaජනතාවගේ දෑස් වසා සකස් කරන ලද ගිවිසුමක් ලෙස හැදින්විය හැකි සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවූ බවට අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව තවදුරටත් නොමග යැවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹදී නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙරට සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඉදිකරන ලද මත්තල ගුවන්තොටුපළ වී වියළීම සදහා වත්මන් ආණ්ඩුව භාවිතා කරන ලද අතර මේ වන විට එම ගුවන්තොටුපළ ඉන්දියාවට විකුණාදැමීමට ආන්ඩුව කටයුතු කරමින් සිටින බවද ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා දිනෙන් දින ඉන්ධන මිල වෙනස් කරින් අධික ලාභයක් ඉපයීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව එම කටයුතු සිදුනෛාකිරීම නිසා රටේ ආර්ථිකය මේ වන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අතර ඉන්ධන මිල සතියෙන් සතිය ඉහළ නොදමා මාස තුනෙන් තුනට ඉහළ දැමීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එස්.බී දිසානායක මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට