IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක්

(සිරංගිකා ‌ලොකුකරවිට )

ගාලු උරුමයට හානිකර සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. 

අග්‍රාමාත්‍යවරයා මේ නියෝගය කළේ ගාල්ල කොටුව ලෝක උරුමයේ අනවසර හා නොගැලපෙන ඉදිකිරීම් සම්න්ධයෙන් තීරණ ගැනීම සඳහා ගාල්ල සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේ අද (24) සවස පැවැති රැස්වීමක දී ය.

අගමැතිවරයා එහි දී මෙසේ ද කීවේය.

''ගාල්ලට නව නගර සැළැස්මක් යෝජනා කරලා තියෙනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන ලෝක උරුමය ආරක්ෂා කරගනිමින් මේ සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක විය යුතුයි. එක් එක් ආයතනවලට අවශ්‍යවලට ඉදිකිරීම් කරන්න බැහැ. රජයේ ආයතන වුණත් නගර සැළැස්මට අනුව ඉදිකිරීම් කළ යුතුයි. සියල්ල එක් සැළැස්මකට අනුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් නිසා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. එක් එක් ඉදිකිරීම්වලට වෙන වෙනම නීති තිබෙන්න බැහැ."

මෙම රැස්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 



අදහස් (11)

අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක්

Sanath Sunday, 24 June 2018 07:22 PM

ජනාධිපති තුමා ඕවර් රූල් කරයිද මන්ද?

:       0       81

ජගත් ලියනගේ Monday, 25 June 2018 12:27 AM

යාපනය , මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක හැර අනිත් දිස්ත්‍රික්ක වල විතරක් ද එහෙම කරන්නේ?

:       205       412

MaheeMonday, 25 June 2018 02:34 AM

ඔව් ඔව්, විල්පත්තුවේ නම් කිසිම අනවසර ඉදිකිරීමක් නැහැ.

:       0       75

Jand Monday, 25 June 2018 02:15 AM

හොඳ තිරණයක්.සංචාරක කළාප ඇති කරනවා වගේම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කල යුතුයි මොකද හොරු නිසා ඔවුන් පීඩාවට පත් වෙනවා වගේම රටටත් කැළලක් ඇති වෙනවා.

:       0       25

කමනි Monday, 25 June 2018 04:55 AM

මේ ප්‍රශ්න ඇතිකරවන අය අල්ලලා රටෙන්ම ඉවත්කළ යුතුයි..

:       0       10

කමනි Monday, 25 June 2018 04:58 AM

මේ ප්‍රශ්න ඇතිකරවන අය අල්ලලා රටෙන්ම ඉවත්කළ යුතුයි...

:       0       0

ranga Monday, 25 June 2018 03:29 AM

එහෙනම් ඉතින් මෙයාව තමයි ඉස්සෙල්ලම ඉවත් කරන්න ඕනේ.

:       2       68

Dr Laxman Fernando Monday, 25 June 2018 04:36 AM

"කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත්" " ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් නිසා" ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. මේ හදන්නේ රාජ්‍ය ආයතන පිහිටා ඇති භූමියත් විකුනල අපේ උරුමයත් විකුනල දාන්න නේද ?

:       12       102

kalani Monday, 25 June 2018 05:20 AM

ගාලු උරුමයට ගෞරවයක් ලැබෙන සේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ඉතාම හොඳ නියෝගයක්. එහෙත් දේශපාලන බලවතුන් මෙයට අවහිර කිරීමට ඉඩ තිබෙනවා. පොලිතින් තහනම වගේ නො වේවි පතමු.

:       0       4

athula k Monday, 25 June 2018 08:36 AM

මීට පෙර අගමැති වුණු වෙලාවේ විදේශිකයින්ට දේපල මිලදීගැනීමට පනවා තිබු බද්ද ඉවත් කරලා ගාලු කොටුව විදේශිකයින්ට නතු කළෙත් මෙයාම තමයි.

:       0       0

wije Monday, 25 June 2018 08:39 AM

කොටුව ඇතුලේ තියන රාජ්‍ය අයතන ටික අහක් කරලා ඒ ගොඩනැගිලි ඔක්කොම කොමිස් කුට්ටිවලට තමුන්ගේ හෙන්චයියලාට දෙයි...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 30 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 353 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 672 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 252 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 215 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 256 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site