(ඔගස්ටින් ප්‍රනාන්දු )
මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවා මහ මුහුදට විසි කළ තරුණ පියෙකු අද ( 24 )දහවල් අත් අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි.
මහවැව උතුරු තොඩුවාව ප්‍රදේශයේ පදිංචි සැකකරු අධික ලෙසින් මත්පැන් පානයට යොමුවි සිටි අතර ඔහු ධීවර රැකියාව කරණ අයෙකු බවත් පොලිසිය කියයි.
සැකකරු අද ( 24 ) දහවල් මත්පැන් පානය කර නිවසට පැමිණ තවත් මත්පැන් පානයට බිරිඳගෙන් මුදල් ඉල්ලා ආරාවුලක් ඇති කර ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
එම බිරිඳ තම ස්වාමි පුරුෂයාගේ ඉල්ලීම ඉටු කිරිම ප්‍රතික්ෂේප කළ අතර ඉන් කෝපයට පත්ව ගෙදර තිබු භාණ්ඩ කිහිපයකට අලාභහානි කර කෝපයෙන් වියරු වැටි තුන් හැවිරිදි තම එකම පුතාව ඔසවා ගෙන ආසන්නයේ තිබු මහ මුහුද කරා ගොස් බිරිඳට රිදවිම පිණිස දරුවාව මුහුදට විසි කර ඇති බවත් පොලිසිය පවසයි.
දරුවාගේ හා බිරිඳගේ කෑගැසීම ඇසි එම ස්ථානයට පැමිණ පිරිසක් වහා මුහුදට පැන දියේ ගිලෙමින් සිටි දරුවා ගොඩ ගෙන වහාම අසාධ්‍යය තත්ත්වයේ සිටි දරුවා වෛද්‍ය ප්‍රතිකාර පිණිස මාරාවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි ගදරුවාගේ තත්ත්වය බිය විමට කරුණක් නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පසුව දරුවා මුහුදට විසි කළ පියා මාරාවිල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත . මාරාවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බිරිඳ සමඟ අමනාප වී තුන්හැවිරිදි දරුවා මුහුදට විසි කරලා
Raveendra Sunday, 24 June 2018 01:17 PM
දරු සම්පතේ වැදගත්කම නොදත් මේ වගේ තිරිසනුන් නොදකින්....... මෙවන් හරකෙකුට පියා යයි කියන්නේ කෙසේද ???
roshan Sunday, 24 June 2018 02:04 PM
මත් පැන් වල ඇත්ත තත්වය මෙයයි.
mangalawelarathnaMonday, 25 June 2018 04:57 AM
මත්වතුර, සිගරට් පිළිබඳව ජනතාවට නරක ආදීනව පෙන්වනදේම නොකිරීම භයානකයි. මාධ්‍යය පෙරට පැමිණ නිතරම පෙන්වා දෙනවා නම් වටිනවා.
faizer Sunday, 24 June 2018 02:49 PM
හෙණ ගහන්න ඕනේ මේ වගේ තිරිසනුන්ට. නමුත් මේ ලෝකෙදීම කරුමය පඩිසන් දේවි.
kalani Sunday, 24 June 2018 03:27 PM
මෙවැනි තිරිසන් සතුන් හැකි ඉක්මනින් නඩු අසා හිරගත කල යුතුයි.
Sanath Sunday, 24 June 2018 07:32 PM
බීමත්ව රිය පැදවීම අනතුරුදායකයි! කියල මඳි. බේබදු තාත්තා දරුවාගේ මාරයා වියහැකිය. කියල ඊට යටින් ලියන්න වෙයි.
RaveendraMonday, 25 June 2018 04:34 AM
ඔබගේ අදහස් සහතික ඇත්ත.සුජාතා අත්තනායක මහත්මියගේ පහත සදහන් සුන්දර අරුත්බර ගීතය මෙම පියා යයි කියා ගන්න " අමුනුස්සයාට" ඇසීමට අවසථාව ලැබේවා...! ගුවන් තොටිල්ලේ සද සැතපෙනවා....මගේ තුරුල්ලේ දුව නැළවෙනවා... හුළං හමාල ගෙයි තෙරපෙන්නේ ......ඔබේ" පියාගේ " සුවදයි එන්නේ....
Roshan Monday, 25 June 2018 03:28 AM
සිංහල, දෙමල, මුස්ලිම් අපි සියලු දෙනා එකමුතුව මතට විරුද්ධ විය යුතු කාලයයි. අපව බෙදා වෙන්කර බලයට පැමිනෙන අය කරන්නේ තැබෑරුම් අරිමින් කුඩු විකුනමින් අපවම විනාශ කිරීමයි.
padmini Monday, 25 June 2018 04:29 AM
සිහිය එනකොට මුළු ජිවිතයම ඉවර වෙලා නේද තාත්තේ? දැන් ඉතින් කූරු ගණන් කරමින් ජීවිතේම ගත කරන්න පුළුවන්නේ. දරු පැටියව අම්ම කොහොම හරි ලොකු කරගනියි.
Danushka Monday, 25 June 2018 06:39 AM
අනේ මේ වගේ තාත්තලා... මේ අය ළමයි වදනවට වඩා හොඳයි නිකන් ඉන්න එක.
theshan Monday, 25 June 2018 03:14 PM
දුක යනු මෙවන් දරු දුක නොදන්නා නරුමයින්ට ළමයින් ලැබීමත්, කොතරම් දේවල් තිබුණත් සමහරුන්ට දෙමව්පියන් වීමට නොලැබීමත්ය....
RaveendraMonday, 25 June 2018 03:36 PM
සත්තකින්ම ඔබ නිවැරදිය.